වී මිලදීගන්න රුපියල් මිලියන 2,200 ක් මුදාහරියි

February 22, 2012   06:16 pm

මේ දිනවල සිදුකෙරෙන 2011 මහ කන්නයට අදාළ වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 2,200 ක් මුදා හැර තිබේ.

එයින් රුපියල් මිලියන 1,200 ක් වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා වී මිලදී ගැනීම සඳහා තවත් මිලියන දහසක මුදලක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදී තිබේ.

නාඩු වී කිලෝග්‍රෑම් 1ක් රුපියල් 28 ක් සහ සම්බා වී කිලෝග්‍රෑම් 1ක් රුපියල් 30 යන සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමට නියමිතය.

වී මිලදී ගැනීම පිළිබඳ කිසියම් ගැටලුවක් ඇත්නම් වහාම දැනුම්දෙන ලෙස ද මහා භාණ්ඩාගාරය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.