ජනපති අරමුදලේ සේවය අන්තර්ජාලගත කෙරෙයි
February 22, 2012 05:46 pm
ජනාධිපති අරමුදල යටතේ සිදුවන සේවාවන්ට අයත් කටයුතු පරිගණක ගත කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන තිබේ.
විශේෂයෙන්ම ජනාධිපති අරමුදල මගින් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රෝගීන්ට මුල්‍ය ආධාර ලබාදීමේ සේවාව තවත් විධිමත් සහ කාර්යක්‍ෂම කිරීමට මෙමගින් හැකි වනු ඇතැයි නියෝජිතායතනය පවසයි.
වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මුල්‍ය ආධාර අපේක්‍ෂාවෙන් අයදුම්පතක් යොමු කිරීමෙන් පසු දැනට එම ඉදිරි කටයුතු සිදු වන්නේ සාමාන්‍ය ආකාරයෙන් වන බවද මෙම පරිගණක ගත කිරීමත් සමගම අදාළ ආයතන සමග තොරතුරු හුවමාරු කර ගැනීමේ ජාලයක් සකස් කෙරෙන බවද නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.
මූල්‍යාධාර අපේක්ෂිතයාට සිය අයදුම්පත පවතින්නේ කුමන මට්ටමේද යන්න එස්එම්එස් පණිවිඩයක් මගින් විමසා බැලීමේ පහසුකම්ද ලබා දීමට අපේක්‍ෂා කරන බවද නියෝජිතායතනය සදහන් කරයි.
ජනාධිපති අරමුදල් වෙබ් අඩවියේ අන්තර්ගතයන් සහ තොරතුරු නව තාවයකින් ඉදිරිපත් කිරීමට නියමිත බවද නියෝජිතායතනය වැඩිදුරටත් සදහන් කරයි.