සයුරෙන් එතෙර
ඕස්ට්‍රේලියානු විදෙස් ඇමති ඉල්ලා අස්වෙයි
February 22, 2012 05:11 pm
ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය කෙවින් රඩ් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු මෙම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර ඇත්තේ අමෙරිකාවේ වොෂින්ටන් නුවරදීය.
කෙවින් රඩ් සහ ඔස්ට්‍රේලියානු අගමැති ජූලියා ගිලාඩ් අතර නායකත්වය සම්බන්ධව පවතින අර්බුදයක් මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු අගමැතිනිය ප්‍රකාශ කර ඇත්තේ ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බව කෙවින් රඩ් විසින් තමාට දැනුම් දී නොතිබූ බවයි.
මේ අතර අගමැතිනියගේ සහයක් නොමැතිව තමාට තවදුරටත් අමාත්‍යධුරයේ කටයුතු කළ නොහැකි බව වොෂින්ටන් නුවර පැවති මාධ්‍ය හමුවේ දී කෙවින් රඩ් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව කළ හැකි එකම ගෞරවාන්විත කාර්යය වන්නේ ධුරයෙන් ඉල්ලා අස්වීම බව කෙවින් රඩ් පවසයි.