වෛද්‍ය ඝාතන තැතේ තතු එළිවෙයි

February 22, 2012   03:28 pm

සෙවනගල රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධ රස පරික්ෂණ වාර්තා නිකුත් වී තිබේ.

අදාළ වාර්තාවලට අනුව රෝහලේ ‍ප්‍රධාන වෛද්‍යවරයාගේ නිල නිවසේ ජල ටැංකියෙන් ලබාගත් ජල සාම්පලයේ වස මිශ්‍ර වී තිබූ බවට හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පරීක්ෂණ කටයුතු සඳහා රෝහලේ ප්‍රධාන ජල ටැංකියෙන් සහ නිල නිවසේ ජල ටැංකියෙන් ජල සාම්පල ලබාගෙන තිබේ.

රස පරීක්ෂණ වාර්තාවලට අනුව ප්‍රධාන ජල ටැංකියෙන් ලබාගත් සාම්පලයේ වස මිශ්‍ර වී නොමැති අතර අනෙක් සාම්පලයේ එම්.සී.පී.ඒ නම් පලිබෝධ නාශකයන්හි අඩංගු සංඝටකය පැවති බව අනාවරණය ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ‍රෝහලේ සුළු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර සිද්ධියට සම්බන්ධ සැකකාර වෛද්‍යවරයා අධිකරණයට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරීණ.

මෙම අපරාධය සම්බන්ධව පරීක්ෂණ තවදු‍රටත් සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.