මෙරට පාර්ලිමේන්තුවටත් හොරෙන් ජීනීවා සමුළුවට විශේෂ ලියවිල්ලක්

February 22, 2012   02:17 pm

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ ලියවිල්ලක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවෙන් සැලසුම් කර ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටි වග අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සමුළුවට සහභාගීවීම සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් මෙන්ම විපක්ෂයේ නියෝජිතයින්ද සහභාගීවන බැවින් මෙම ලියවිල්ල මෙරට පාර්ලිමේන්තුවට පළමුව ඉදිරිපත් කළ යුතුව තිබුණු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.

එය මෙරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට ජිනීවා සමුළුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම තුළින් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝණය කර ඇතැයි විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කර ඇත.