නීතිඥ නිලවරණය උණුසුම්

February 22, 2012   01:45 pm

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය මේ වන විට පැවැත්වෙමින් තිබේ. අද පෙරවරු 8.00 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 5.00 දක්වා පැවැත්වෙයි.

නීතීඥ සංගමයේ සභාපතිත්වය සඳහා මෙවර තරග වදින්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සහ ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතාය.

කොළඹ දිසා අධිකරණය ඇතුළු මධ්‍යස්ථාන 22 කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නීතීඥයින් 11,700 දෙනෙකු සුදුසුකම් ලබා සිටියි.

කොළඹ අධිකරණ සංකීර්ණයේ රැදී සිටින අද දෙරණ වාර්තාකරු කියා සිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නීතීඥයින් අතර දැඩි උනන්දුවක් පවතින බවයි.