රනිල්ට තිස්සට අධිකරණයෙන් කල්දෙයි
February 22, 2012 01:36 pm
එක්සත් ජාතික පක්ෂයේ පසුගියදා පැවති නිලවරණයෙන් එම පක්ෂයේ නව නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට කොළඹ දිසා අධිකරණය විසින් කල්ලබා දී තිබේ.
අදාළ පෙත්සම අද කැඳ වූ අවස්ථාවේද එහි වගඋත්තකරුවන් ලෙස නම් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන්ට මැයි මස 9 දාට පෙර විරෝධතා දැක්වීම සඳහා මෙලෙස අධිකරණය විසින් කල් ලබා දි ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත්වීම අභියෝගයට ලක්කරමින් දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එහි නායකයා තෝරාපත් කරගත යුත්තේ රහස්‍ය ඡන්දයකින් බවත්, එසේ වුවද අදාළ ඡන්දයේදී භාවිතා කරනු ලැබූ ඡන්ද පත්‍රිකාවල රහස්‍යභාවයක් නොතිබුණු බැවින් රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම නීතිවිරෝධී බව ප්‍රකාශයට පත්කරන ලෙස පෙත්සම්කරු විසින් අධිකරණයෙන් ඉල්ලන ලදී.