පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවේ
February 22, 2012 12:02 pm
පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ත්‍රී රෝද රථ රියදුරෙකු ඇල්පිටිය, කුරුදුගහ හැතැහ්ම නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (21) රාත්‍රීයේ දී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය අතර ඇමෝනියා කීලෝ ග්‍රෑම් 25 ක ගෝනි 2 ක්, ජෙලට් නයිට් කූරූ 50ක් හා ඩෙටනේටර් 50 ක් තිබූ බව පොලීසිය ප්‍රකාශ කරයි.
සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂීත බන්ධනාගාර කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වන බව ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි ලාසිරාන් ආසන් මහතා අද දෙරණට ප්‍රකාශ කළේ ය.