අම්බුළුවාවේ ගින්නක්-අක්කර 300 ක් විනාශයි

February 22, 2012   12:00 pm

අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට අයත් පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ.

ජෛව විවිධත්ව සංකීර්ණය පිහිටා තිබෙන කඳුවැටියේ අක්කර 300 ක පමණ ප්‍රදේශයක් මෙලෙස ගිනිගෙන ඇති බව ගම්පොළ පොලිසිය සඳහන් කරයි.

ගිනිනිවීමේ කටයුතු සඳහා ගිනි නිවන ඒකකයට අමතරව ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ද යොදවා තිබේ.

කෙසේවෙතත් ගින්නෙන් ජෛව විවිධත්ව සංකීර්ණ ගොඩනැගිල්ලට කිසිදු හානියක් ‍සිදුව නැත.