මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය 2016 දී නිමයි

February 22, 2012   10:36 am

මොරගහකන්ද , කළුගඟ ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2016 වසර වන විට නිමකරන බව වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර , පොළොන්නරුව , ත්‍රිකුණාමලය සහ මාතලේ යන දිස්ත්‍රික්ක වලින් කුඹුරු හෙක්ටයාර 82 , 000ක ප්‍රමාණයකට දියවර සැපයෙන බව වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

යල සහ මහ දෙකන්නය සඳහාම මෙම ව්‍යාපෘතිය මඟින් ජලය සැපයීය හැකි බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පෙන්වාදෙයි.

මේ සඳහා වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 558ක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.