ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

February 21, 2012   04:33 pm

සී.බී. කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද(21) පැවති අටවන තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 51 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඕස්ට්‍රේයාවේ බ්‍රිස්බෙන් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව නියමිත පන්දු වාර 50 තුළ කඩුලු 06 ක් දැවී ලකුණු 289 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දු වාර 45 පන්දු 01 ක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 238 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග ලකුණු 55 ට කඩුලු 02 ක් ද, නුවන් කුලසේකර ලකුණු 40 ට කඩුලු 03 ක් ද, තිසර පෙරේරා ලකුණු 37 ට කඩුලු 04 ක් ද දවාගැනීමට සමත්විය.