අධිවේගී මාර්ගයේ ගුණාත්මක බව නැංවිමේ වැඩපිළිවෙළක්
February 21, 2012 02:40 pm
දක්ෂීණ අධිවේගී මාර්ගයේ ගුණාත්මකබව ඉහළ නැංවීම සඳහා ජාතික ගමනාගමන කොමිසන් සභාව විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
මේ යටතේ ජනතා අදහස් විමසීමට අපේක්ෂා කරන බව ගමනාගමන කොමිසන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
දක්ෂීණ අධිවේගී මාර්ගයේ ජනතා සේවා කටයුතු වෙනුවෙන් තවදුරටත් ඉහළ නැංවිය යුතු අංශ මොනවාද යන්න සොයා බැලීම මෙහි අරමුණ බව රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඒ අනුව අද(21) පටන් දෙසතියක කාලයක් දක්ෂීණ අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහන සේවය භාවිත කරන මගීන් වෙනුවෙන් ආකෘති පත්‍රයක් ලබා දී අදහස් ලබා ගන්නා බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.