Innovative Teachers & Students -2011

February 21, 2012   11:49 am

ඡායා රූ-ද වමේ සිට දකුණට මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනය/ මහජන සේවා අධ්‍යක්ෂ චන්න ද සිල්වා මහතා, අධ්‍යාපන අමාත්‍යංශය/ අතිරේක ලේකම් හා EKSP ව්‍යාපෘති අධ්‍යක්ෂ මෙන්ම ජනාධිපති අතිරේක ලේකම් අනුර දිසානායක , මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනය/ කලාප අධ්‍යාපන වැඩසටහන් කළමනාකාරිණී ෆෙලීසියා බ‍්‍රවුන්, අධ්‍යාපන අමාත්‍යය ගරු බන්දුල ගුණවර්ධන මහතා, මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනය/නේවාසික කළමනාකාර ශ‍්‍රීයාන් ද සිල්වා විජේරත්න මහතා, මයිකො‍්‍රසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනය/ අධ්‍යාපන වැඩසටහන් කළමණාකාරිනී යශින්කා ජයසිංහ අලස්, අධ්‍යාපන අමාත්‍යංශය/ EKSP ව්‍යාපෘතියේ ICTE සම්බන්ධීකාරක මනුර ප‍්‍රනාන්දු



අධ්‍යාපන අමාත්‍යංශයේ දැනුමැති සමාජයක් සඳහා වූ අධ්‍යාපන ව්‍යාපෘතිය (EKSP) හා මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනය එකමුතුවෙන් සංවිධානය කරන ලද ගුරුභවතුන් හා සිසුන් උදෙසා ගෙන එන තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නිර්මාණශීලී(Innovative Teachers & Students 2011)ජාතික තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවය පෙබරවාරි මස 15 වනදා කොළඹ ගලදාරී හෝටලයේ දී පැවත්විණි.

මෙම අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ප‍්‍රභූන් රැුසක් සහභාගී විය. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මයික්‍රොසොෆ්ට් Partners In Learning වැඩසටහන යටතේ වසර 7 ක් පුරා පැවත්වනු ලැබූ Innovative Teachers & Students 2011 තරගාවලිය මෙවර ව්‍යාපෘති ආකාරයේ නව මුහුණවරකින් ගෙන එන ලදී. එම නවතාවයට අනුව සාමූහිකත්වය යන්න පෙරට ගෙන කටයුතු කර ඇත.

ගුරුභවතුන්ගේ වර්ගීකරණයන් අතරින් පළමු ස්ථාන ලබා ජයග‍්‍රාහකයින් බවට පත්වූ තිදෙනා (1-8 ශ්‍රේණි) ඞී. එම්. සී වසන්ත - වයඹ පළාත් ශ‍්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය/වාරියපොළ, (9-11 ශ්‍රේණි) කේ. එම්. ආර් ප‍්‍රියකැ`ඵම් - ඌව පළාත් හි`ගුරුකඩුව මහා විද්‍යාලය/පස්සර, (12-13 ශ්‍රේණි) බී. ආර් ධනවතී - සබරගමුව පළාත් පානකාව මහා විද්‍යාලය/පානකාව යන මහත්ම මහත්මීන්ය . තරගාවලියේදී සිසුන් 3 දෙනෙකුට පමණ සීමාවු කණ්ඩායම් වශයෙන් තරඟ කළ අතර ඔවුන් ශ්‍රේණි මට්ටමෙන්ද වර්ගීකරණ 6 ක් යටතේද තරඟ වැදුණි.

ඒ අතරින් පළමුවන ස්ථානයන් හිමිකරගත්තේ උතුරුමැද පළාත හා වයඹ පළාතේ පාසල්ය. ජය ලැබූ පාසල් පිළිවෙලින් (1-8 ශ්‍රේණි) වයඹ පළාත - සර් ජෝන් කොතළාවල මහා විද්‍යාලය/කුරුණෑගල, (9-11 ශ්‍රේණි) සබරගමුව පළාත - උළිඳුවැව විද්‍යාලය/කොලොන්න, 12-13 ශ්‍රේණි අතරින් (අපොස උසස්පෙළ/ගණිත අංශය) උතුරු මැද පළාත - රාජකීය මධ්‍ය මහා විද්‍යාලය /පොළොන්නරුව, (අපොස උසස්පෙළ/විද්‍යා අංශය) උතුරු මැද පළාත - කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය /කැකිරාව, (අපොස උසස්පෙළ/කලා අංශය)වයඹ පළාත - මැදිරිගිරිය ජාතික පාසල/මැදිරිගිරිය, (අපොස උසස්පෙළ/වාණිජ අංශය)වයඹ පළාත - කටුකෙන්ද ශ‍්‍රී සංඝබෝධි මහා විද්‍යාලය/ කටුකෙන්ද විය.

ජය ලැබූ ගුරුභවතුන්ටත් සිසුන්ටත් මූල්‍යමය ප‍්‍රධාන හා අනෙකුත් ත්‍යාග රැසක් පිරිනැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයත් මයික්‍රොසොෆ්ට් ආයතනයත් එකමුතුවෙන් කටයුතු කර තිබූ අතර පළමු පෙළේ ජයග‍්‍රාහකයන්ට මෙවර නවසීලන්තයේ පැවත්වෙන Innovative Teachers 2012 තරගාවලිය සඳහා සහභාගී වීමට අවශ්‍යය සියලු කටයුතු මේ වන විටත් සූදානම් බව මයික්‍රොසොෆ්ට් ආයතනය පවසා සිටියි.

අනාගත පරපුර මෙන්ම වැඩිහිටියන්ද දැනුමෙන් පෝෂණය කිරීම උදෙසා ගෙනඑන මෙම තරඟාවලිය තුළ ප‍්‍රධාන අරමුණ වනුයේ සාම්ප‍්‍රදායක ඉගැනුම් රටාවෙන් බැහැරවී අධ්‍යාපනයට තොරතුරු තාක්ෂණ සන්නිවේදනය ඈඳාගැනීමයි. තවත් විවිධාකාරයේ නව්‍යයකරණයන් සිදුකර තරඟාවලිය ඉහළ තලයකට ගෙන ඒමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් මයික්‍රොසොෆ්ට් ආයතනයත් අපේක්ෂා කරනුයේ ජාත්‍යයන්තර අධ්‍යාපන රටාවට අවතීර්ණවීමට මෙරට ගුරුභවතුන්ට අවස්ථාවක් ලබාදීමයි.

එමෙන්ම සාම්ප‍්‍රදායික පන්තිකාමරයෙන් ඔබිබට දරුවන් ගෙනයාම, ලොව විවිධ සංස්කෘතීන් හා උරෙනුර ගැටීමට අවශ්‍යය සමාජීය දැනුම ලබාදීම, සාමූහිකත්වය පදනම් කරගත් අධ්‍යාපනික පසුබිමක් සකස් කිරීම ,බාහිර පාර්ෂව හා එක්ව කටයුතු කිරීම, නිර්මාණශීලී අධ්‍යාපනික කාර්යයන් සඳහා යොමුකිරීම, අභියෝගාත්මක අධ්‍යාපනික පසුතලයක් කරා යාම ආදි කරුණූ කෙරේ ලාංකීය ගුරුභවතුන්ගේ අවධානය යොමුකිරීමටද මෙම තරගාවලිය තුළින් බලාපොරොත්තු වන බවද ත්‍යාග ප‍්‍රධානෝත්සවයේදී විශේෂ කතාවන් තුළින් අධ්‍යාපන අමාත්‍යංශය/ අතිරේක ලේකම් මෙන්ම EKSP ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර දිසානායක හා මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනය/නේවාසික කළමණාකාර ශ‍්‍රීයාන් ද සිල්වා විජේරත්න යන මහහත්වරුන් පොදුවේ කියා සිටින ලදි.

මෙම තරගාවලියේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග ප‍්‍රදානය කිරීමේදී ප‍්‍රථම ස්ථාන සඳහා අදාළ ත්‍යාග අධ්‍යාපන අමාත්‍යය ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් ප‍්‍රදානය කළ අතර දෙවන හා තෙවන ස්ථාන වලට අයත් අනෙකුත් ත්‍යාග අධ්‍යාපන අමාත්‍යංශය/ ලේකම් එච් . එම් ගුණසේකර, අධ්‍යාපන අමාත්‍යංශය/අතිරේක ලේකම් අනුර දිසානායක, මයිකො‍්‍රසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනය/නේවාසික කළමනාකාර ශ‍්‍රීයාන් ද සිල්වා විජේරත්න යන මහත්වරුන් අතින් ප‍්‍රදානය කිරීමට කටයුතු කරන ලදී.