මොරටුව ඝාතනයේ සැකකරු අධිකරණයට
February 21, 2012 10:24 am
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුෙවකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) පස්වරුවේ දි මෙම සැකකරවෙකු අත්අඩංගුවට ගත් බව සඳහන් ය.
පසුගිය 19 වන දින දී එගොඩඋයන ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබු අතර එහිදි තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර තිබේ.
මෙම ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව මොරටුව පොලිසිය ප්‍රකාශ කරයි.
සැකකරු අද (21) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.