නිධන් හෑරූ 10 දෙනෙකු අත්අඩංගුවට
February 21, 2012 09:47 am
ගල්ඔය රක්ෂිතයට අයත් සේනානායක සමුද්‍රයේ තොටුපළ ආසන්න ප්‍රදේශයේ නිධන් වස්තු කැණීම් කරමින් සිටි පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක්, යතුරු පැදියක් සහ පූජා භාණ්ඩ සොයාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ඉඟිනියාගල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදි ඔවුන් ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.