කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පළමුව පන්දුවට පහරදෙයි
February 21, 2012 08:37 am
සී.බී. කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද(21) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
ඕස්ට්‍රේයාවේ බ්‍රිස්බෙන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය තරගාවලියේ අටවන තරගය වේ.
මේ වන විට තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකක් පවත්වා ඇති අතර ඉන් එක් තරගයක් ඉන්දියාව ජයගෙන අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
අද තරගයට ඉන්දියානු කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝණී සහභාගී නොවන අතර ඒ අනුව ඉන්දියානු කණ්ඩායමේ නායකත්වයට විරේන්ද්‍ර ෂෙවාග් පත්කර තිබේ.
ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේ තරග 11 ට සහභාගී වී ඇති අතර ඉන් තරග 09 ක්ම පරාජයට පත්වී ඇත.