සයුරෙන් එතෙර

ඉරානය ප්‍රංශයට හා බ්‍රිතාන්‍යයට තෙල් දීම නවතයි

February 20, 2012   08:36 am

ප්‍රංශයට හා බ්‍රිතාන්‍යයට ඉන්ධන සැපයීම ඉරානය විසින් අත්හිටුවා තිබේ.

ඉරානයේ ඛනිජ තෙල් අමාත්‍යවරයා විසින් මේ බව නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉරානයෙන් තෙල් නොගැනීමට හා එරටට එරෙහිව සම්බාධක දැමීමට යුරෝපීය සංගමය මේ වන විටත් තීරණය කර අවසන්ය.

කෙසේ වුවත් එය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මස 1 වැනිදා සිටය.

යුරෝපීය සංගමයේ එම තීරණයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඉරානය විසින් ප්‍රංශයට හා බ්‍රිතාන්‍යයට තෙල් නොසැපයීමට තීරණය කර ඇත.

එම රටවල් දෙක නොමැතිවත් සිය ඉන්ධන මිල දී ගැනීමට නව රටවල් සිටින බව ඉරානයේ ඛනිජ තෙල් අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් ඉරානයේ තෙල් නිෂ්පාදනයෙන් 20%ක් යුරෝපීය රටවලට අපනයනය කරන බව විදෙස් මාධ්‍ය පවසයි.