ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවටයි..!

February 19, 2012   05:10 pm

කොමන්වෙල්ත් බෑන්ක් කුසලාන ක්‍රිකට් තරගාවලියේ හත් වන තරගය හෙවත් ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද පැවැත්වුණු තරගයෙන් ලකුණු 110 න් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන්ම පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ට ලකුණු 288 ක් ලබාගැනීමට සමත්විය.

අනතුරුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 43 යි පන්දු 3 ක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ 178 ක් පමණි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක මහේන්ද්‍ර සිං ‍දෝණි ලකුණු 56 ක් ලබාගැනීම විශේෂත්වයක් විය.