ඉන්දීය කණ්ඩායමට ලකුණු 289 ක ඉලක්කයක්

February 19, 2012   12:58 pm

කොමන්වෙල්ත් බෑන්ක් කුසලාන ක්‍රිකට් තරගාවලියේ හත් වන තරගය හෙවත් ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙන තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ට ලකුණු 288 ක් ලබාගන්නා ලදී.

බ්‍රිස්බෙන්හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.

මේ වන විට තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ පසු වන්නේ ප්‍රසාද ලකුණු 10ක් ලබා සිටින ඉන්දීය කණ්ඩායමයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු 09ක් ලබා සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 07ක් පමණි.