සයුරෙන් එතෙර

පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 26 දෙනෙකු මියයයි

February 18, 2012   08:54 am

පකිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට වයඹ ප්‍රදේශයේ ෂියා මුස්ලිම් ගම්මානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයෙන් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පකිස්ථානයේ වයඹ ප්‍රදේශයේ පරචිනාර් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්ය.

බෝම්බ ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවති අතර ඊට ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් තිදෙනෙතු මිය‍ගොස් තිබේ.

පාකිස්ථාන තලෙයිබාන් සංවිධානයෙන් ඉවත්ව ගිය කණ්ඩායමක් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව වාර්තා වේ.