ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
February 17, 2012 04:10 pm
සී.බී. කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද(17) පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.
සිඩ්නිහි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පන්දු වාර 40 පන්දු 05 ක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 158 ක් පමණි.
වර්ෂාව නිසා තරගය පන්දුවාර 41 ට සීමා වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් ලබාගත යුතුවූයේ ලකුණු 152 ක් පමණි.
ඒ අනුව පන්දු වාර 24 පන්දු 01 ක් තුළ කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 152 ක් ලබාගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් රැස්කිරීමට නායක මහේල ජයවර්ධන සමත් වූ අතර ලකුණු 30 ක් රැස්කරමින් එක්දින ලකුණු 10, 000 සීමාව පසුකිරීමට කුමාර සංගක්කාර සමත්විය.