සංගක්කාර 10, 000 පසුකරයි

February 17, 2012   03:43 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මීට ස්වල්ප මොහොතකට පෙර එක්දින ලකුණු දස දහසේ සීමාව පසුකිරීමට සමත්විය.

සී.බී. කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද(17) පැවැත්වෙන තරගයේ දී සංගක්කාර මෙසේ එක්දින ලකුණු 10, 000 රැස්කළේය.

කුමාර සංගක්කාර එක්දින ලකුණු 10, 000 සීමාව පසුකළ තෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වේ.

මේ වනවිට පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 114 ක් රැස්කරගෙන සිටියි.