ඕස්ට්‍රේලියා ඉනිම ලකුණු 158 ට සීමාවෙයි

February 17, 2012   02:01 pm

සී.බී. කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද(17) පැවැත්වෙන තරගයේ දී සියලුම ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ලකුණු 158 ට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය.

සිඩ්නිහි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පන්දු වාර 40 පන්දු 05 ක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 158 ක් පමණි.

වර්ෂාව නිසා තරගය පන්දු වාර 41 ට සීමා කර ඇති අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ යුතුව ඇත්තේ ලකුණු 152 ක් පමණි.

තරගාවලියේ 6 වන තරගය ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන තරගය වේ.

මේ වන විට තරගාවලියේ ශ්‍රි ලංකාව සහභාගී වූ තරග 3 න් තරග 2 ක් පරාජය වූ අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඕස්ට්‍රේලියාව මේ වන විට තරග 3 ක් සඳහා සහභාගි වී ඇති අතර ඉන් තරග 2 ක් ජයගැනීමට ඔවුන් සමත්විය.