ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරගය යළි ඇරඹෙයි
February 17, 2012 12:36 pm
වර්ෂාවෙන් බාධා පැමිණ තිබූ සී.බී. කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද(17) පැවැත්වෙන තරගය යළි ආරම්භ වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 26 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියේය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පීටර් ෆොරස්ට් ලකුණු 16 ක් සහ මැතිව් වෙඩ් ලකුණු 15ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේ දී ෆර්වේස් මහරුෆ් කඩුලු 2 ක් බිඳ හෙලූ අතර ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා එක් කඩුල්ල බැගින් බිඳ හෙලීය.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඩේවිඩ් හසී ලකුණු 15 ක් ලබාසිටියේය.