ක්‍රිකට් ක්‍රීඩකයින්ට හිඟ වැටුප් ගෙවන්න ලංකා බැංකුවෙන් මිලියන 600 ක්
February 17, 2012 12:29 pm
ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනයේ ඉදිරි ක‍්‍රිකට් තරග සංචාරක වැඩසටහන පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පෞද්ගලිකවම ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රු. මිලියන 600 ක මුදලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලබාදීමට තීරණය කර ඇති බව ක්රීඩා අමාත්‍යාංශය පවසයි.
ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනයේ පසුගිය කාල පරිච්ජේදයේ ඇතිවූ මූල්‍ය අර්බුදය හේතුවෙන් ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ගේ මාසික වැටුප් ගෙවීම ප‍්‍රමාද වූ නමුත්, ක‍්‍රීඩකයින්ගේ පෙබරවාරි මස දක්වා සියලුම හිඟ වැටුප් පෙබරවාරි මස 28 දිනට ප‍්‍රථම ගෙවීමට කටයුතු කරන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව ද ක‍්‍රීඩා අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් හර්ෂ බී. අබේකෝන් මහතා පවසයි.
ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනයේ ඉදිරි ක‍්‍රිකට් සංචාර වැඩසටහන යටතේ 2012 සිට 2019 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 139 ක මුදලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබීමට නියමිත බැවින්, ලංකා බැංකුව, ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනයේ මූල්‍ය කළමණාකරණය පිළිබඳව පැහැදිලි විශ්වාසයක් ගොඩ නැගී ඇති අතර ඉදිරියේදී ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු බාධාවකින් තොරව සිදුවන බව ක්රීඩා අමාත්‍යාංශය විශ්වාසය පළ කරන බව ද ඒ මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ මාර්තු මාසයේ වැටුප් ද නියමිත පරිදි ගෙවීමට කටයුතු කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි අබේකෝන් මහතා පෙන්වාදෙයි.