සයුරෙන් එතෙර
සිරියාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
February 17, 2012 09:45 am
සිරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
සිරියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමක් අවශ්‍ය බවට කෙරෙන යෝජනාවක් අරාබි ලීගය විසින් ඉදිරිපත් කර තිබුණි.
එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඊයේ(16) සිදුවිය.
එහිදී රටවල් 166 ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.
රටවල් 137ක් අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර රටවල් 12 ක් විපක්ෂව ඡන්දය ලබාදී තිබේ.
තවත් රටවල් 17 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනය සහ රුසියාව සිරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.