ගබඩාවකින් වංචනිකව වී ගෙනයාමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

February 17, 2012   09:30 am

පොළොන්නරුව, දියබෙදුම රජයේ වී ගබඩාවෙන් වංචනික ලෙස වී ගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බකමූණ පොලිසිය විසින් ‍මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී වී ‍කිලෝග්‍රෑම් 25,000 ක පමණ ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

අදාළ වංචාව පිළිබඳව සොයාබලා ඒ පිළිබඳ කඩිනමින් තමන් වෙත දැනුම් දෙන ලෙස සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.

මෙම වංචාවට සම්බන්ධ රජයේ වී ගබඩාවේ නිලධාරීන් වෙතොත් ඔවුන්ට උපරිම දඩුවම් ලබාදෙන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නියෝග කර තිබේ.