කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට - පළමුව පන්දුවට පහරදෙයි

February 17, 2012   08:38 am

සී.බී. කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද(17) සිඩ්නිහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව තිබේ.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට එම කණ්ඩායම තීරණය කර ඇත.

තරගාවලියේ 6 වන තරගය ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන තරගය වේ.

මේ වන විට තරගාවලියේ ශ්‍රි ලංකාව සහභාගී වූ තරග 3 න් තරග 2 ක් පරාජය වූ අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඕස්ට්‍රේලියාව මේ වන විට තරග 3 ක් සඳහා සහභාගි වී ඇති අතර ඉන් තරග 2 ක් ජයගැනීමට ඔවුන් සමත්විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් අද තරගයට සහභාගී නොවන අතර ඒ අනුව තරගය මෙහෙයවීමේ අවස්ථාව හිටපු නායක රිකී පොන්ටින්ට හිමිව තිබේ.

පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව රිකී පොන්ටින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරන ප්‍රථම අවස්ථාව මෙය වේ.

මේ අතර කුමාර් සංගක්කාරට එක්දින ලකුණු දස දහසේ සීමාව සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 11 ක් පමණි.