දියතලාව රෝහලේ ආපනශාලාවට මුද්‍රා තබයි
February 16, 2012 12:11 pm
දියතලාව මූලික රෝහලේ ආපනශාලාව මුද්‍රා තැබීමට වෛද්‍ය අධිකාරිවරයා තීරණය කර තිබේ.
ආපනශාලා හිමිකරු සහ රෝහල් කාර්යය මණ්ඩලය අතර ඊයේ(15) ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් රෝහල් සේවකයින් අද පෙරවරුවේ සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබුණි.
මීට පෙර අවස්ථා කිහිපයක දී ද ආපනශාලා හිමිකරු විසින් රෝහල් කාර්යය මණ්ඩලයට තර්ජනය කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් කර තිබූ බව සේවකයින් පවසයි.
එහෙත් ඔහුට එරෙහිව ක්‍රියා නොකිරීම හේතුවෙන් සේවයෙන් ඉවත්වීමට තීරණය කළ ද රෝහල් වෛද්‍ය අධිකාරිවරයා විසින් ආපනශාලාව මුද්‍රා තැබීමට පියවර ගැනීම හේතුවෙන් නැවත සේවයට වාර්තා කිරීමට ඔවුන් තීරණය කර තිබේ.
කෙසේවුවද ආපනශාලා හිමිකරුට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග නොගන්නේ නම් යළිත් සියලු කාර්යය මණ්ඩලය සේවයෙන් ඉවත්ව සිටීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සංවිධායක අරුණ රත්නායක මහතා ප්‍රකාශ කළේය.