පාසල් දැරියක් සිය දිවි නසාගැනීම ගැන පරීක්ෂණ ඇරඹෙයි

February 16, 2012   09:15 am

මැදවච්චිය තම්මැන්නාව ප්‍රදේශයේ නිවසක් තුළ දී පාසල් දැරියක් ගෙල වැළලාගෙන මියයාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පෙරේදා පස්වරුවේ අදාළ දැරිය ටයිපටිය උපයෝගී කර ගනිමින් නිවස තුළ දී සියදිවි හානි කර ගෙන ඇති බව මැදවච්චිය පොලිසිය පැවසීය.

මියගිය දැරිය 15 හැවිරිදි වියේ පසු වූ අයෙකු බව පොලිසිය සඳහන් කරයි. සිය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මේ අතර සාම්පූර් ප්‍රදේශයේ දී වයස අවුරුදු 14 ක් වූ බාලවයස්කාර දැරියක් වෙත ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ද පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් 14 හැවිරිදි දැරියක් ස්ත්‍රී දූෂණයට ලක්කිරීමේ චෝදනා මත පානදුර, හිරණ ප්‍රදේශයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(16) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසීය.