සයුරෙන් එතෙර

හොන්ඩුරාස් බන්ධනාගාරයක ගින්නක් - 300 ක් මරුට

February 16, 2012   08:40 am

හොන්ඩුරාස් රාජ්‍යයේ බන්ධනාගාරයක සිදු වූ ගින්නක් හේතුවෙන් රැඳවියන් 300 ට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

මියගිය සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අත‍ර සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පූර්ණ විමර්ශනයක් පවත්වන බවට හොන්ඩුරාස් ජනාධිපති පො‍පිරියෝ ලෝබෝ ප්‍රකාශ කර ඇත.

දැනටමත් ගින්නට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක කෙරෙයි.

කෙසේ වුවද ගින්න ඇතිවීමට පෙර පොලිසිය සහ රැඳවියන් අතර ගැටුමක් ‍හටගෙන ඇති බව නිල නොවන වාර්තා පෙන්වා දෙයි.