සම්පත් බෙදාදීමේදී භේදයක් නෑ
February 14, 2012 10:03 pm
සම්පත් බෙදා දීමේදී ජාතික හෝ පළාත් සභා පාසැල් යැයි කිසිදු භේදයක් තමා තුළ නැතැයි සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පවසයි.
සබරගමු පළාත් සභාව යටතේ පැවති පාසැල් 1107 ට අමතරව වැසී ගොස් තිබූ තවත් පාසැල් 22 ක් යළි විවෘත කිරීමට තමාට හැකි වූ බව ඔහු සඳහන් කළේය.
උසස් පෙළ විභාගයේදී දිවයිනේ පළමු ස්ථාන සබරගමුවේ දරුවන් විසින්ද දිනාගෙන ඇති බවත්,පසු ගිය සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා තරඟවලදී බාලිකා සමස්ත ශූරතාවය පළාතේ සුමන බාලිකා විද්‍යාලයටත් අනු ශූරතාවය ද මෙම විද්‍යාලයටත් හිමිවූ බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද අද (14) කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
ඔලිම්පික් ඉතිහාසය පුරා අපේ මව්බිමට පදක්කම් ගෙන ආ ක්‍රීඩිකාව වූ සුසන්තිකා ජයසිංහ සබරගමුවේ දැරියක වන බවත් එම ඔලිම්පික් උරුමය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීම සබරගමුවේ දරු දැරියන්ගේ වගකීමකැයිද මහ ඇමතිවරයා සඳහන් කළේය.
පාසලේ ක්‍රීඩා කුසලතා අගයමින් එම විද්‍යාලයේ ප්‍රයෝජනය සඳහා මහ ඇමතිවරයා රුපියල් 500000 ක් පමන වටිනා ක්‍රීඩා උපකරණ තොගයක්ද මෙම උත්සවය අතරතුර විදුහල්පතිනියට පරිත්‍යාග කළ බව සබරගමුව පළාත් සභාවේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෙම අවස්ථාවට කෑගල්ල නගරාධිපති ජී.කේ.සමරසිංහ, උප සභාපති ලලිත් ජයශාන්ත, අජන්තා හේරත්, කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එච්.ඒ.හේමාවතී හාමිනේ, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක උපසාර අලහකෝන්, විදුහල්පතිනි කේ.එස්. වීරසිංහ යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.