සයුරෙන් එතෙර
මැඩගස්කර් දූපතට සුළි කුණාටුවක්
February 14, 2012 06:02 pm
මැඩගස්කර් දූපත් වෙත බලපෑ සුළි කුණාටුවකින් දූපත්වාසීන්ට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
විදෙස් වාර්තා සඳහන් කලේ පැයට කිලෝමීටර 194ක වේගයකින් සුළි කුණාටුව දූපතට ඇතුළු වී ඇති බවයි.
කුණාටුව නම් කර ඇත්තේ ජොවෙනා ලෙසයි.
පැය 6කට වැඩි කාලයක් දූපත හරහා හමා ගිය ජොවෙනා සුළි කුණාටුවෙන් දේපල හානි රැසක් සිදු වී ඇති බව එරට බලධාරීන් පවසයි.
මැඩගස්කරයේ සම්පූර්ණ ජන ජීවිතය මේ හේතුවෙන් අඩපණ වී ඇති බව විදෙස් වාර්තා උපුටා දක්වයි.
ජොවෙනා සුළි කුණාටුවෙන් සිදුව ඇති හානිය 1994 වසරේ දී එරටට බලපෑ සුළි කුණාටුවෙන් සිදු වූ හානියට සමාන විය හැකි බවට කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළ කරයි.
කෙසේ වෙතත් ජනතාව චෝදනා කරන්නේ සුළි කුණාටුවේ ප්‍රබලත්වය පිළිබඳ කාලගුණ බලධාරීන් නිවැරදි දැනුවත් කිරීමක් සිදු නොකළ බවටයි.