සයුරෙන් එතෙර

අමෙරිකා - උතුරු කොරියා න්‍යෂ්ටික වැඩපිළිවෙළ යළි සාකච්ඡාවට

February 14, 2012   09:29 am

අමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යළි සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ අගනුවර වන බීජිං හිදී මෙම සාකච්ඡා යළි ආරම්භ කිරීමට නියමිත බවය.

දෙපාර්ශවයේ නියෝජිතයින් ‍ලබන 23 වන දින අදාළ සාකච්ඡා යළි ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

හිටපු උතුරු කොරියානු නායක කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසුව පවත්වනු ලබන පළමු සාකච්ඡා වටය මෙය වේ.

මෙම සාකච්ඡා සඳහා අමෙරිකානු නියෝජිතයා වශයෙන් ග්ලයන් ඩේවිස් සහභාගී වීමට නියමිත අතර උතුරු කොරියානු නියෝජිතයා වශයෙන් නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය කිම් කී ගුවාන් මහතා සහභාගී වීමට නියමිතය.