ඩෙංගු වැළඳුණු පුද්ගලයින් හඳුනාගැනීමට විශේෂ ව්‍යාපෘතියක්
February 13, 2012 03:15 pm
ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයින් ඉක්මනින් හඳුනාගැනීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.
ඒ අනුව ඩෙංගු රෝග තත්ත්වයට පත්වන්නන් ඉක්මනින් හඳුනා ගැනීම සහ ඩෙංගු රෝග වසංගත තත්ත්වයෙන් ව්‍යාප්ත වන්නේ නම් ඒ බව කල්තියා නිර්ණය කිරීමේ රෝග ආවේක්ෂණ ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා යුරෝපා සංගමයෙන් රුපියල් කෝටි දහසයක පමණ මුදල් ලැබී ඇත.
විශේෂයෙන්ම මෙහි දී බොරැල්ල වෛද්‍ය පර්යේෂණාගාරය ඩෙංගු පරීක්ෂණ පිළිබඳ ජාතික තත්ත්ව පාලන රසායනාගාරය වශයෙන් සංවර්ධනය කිරීමට ද කටයුතු යොදන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.