සයුරෙන් එතෙර
අධිකරණයට අපහාස කළැයි පකිස්ථාන අගමැතිට චෝදනා
February 13, 2012 11:59 am
පකිස්තාන අග්‍රාමාත්‍ය යූසුෆ් රාසා ගිලානි මහතා වෙත අධිකරණයට අපහාස කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි චෝදනා ගොනුකර ඇත.
එසේවුවද (12) එරට අධිකරණය ඉදිරියේ චෝදනා විභාගයට ගැනිමේ දි අගමැතිවරයා සියලු අධිකරණ චෝදනා ප්‍රතික්ෂේප ඇති බව වාර්තා වේ.
අගමැතිවරයාට විරුද්ධව මෙලෙස අධිකරණ චෝදනා එල්ල වුයේ පකිස්තාන ජනාධිපතිවරයා අසිෆ් අල් සර්දාරි මහතා විසින් ස්විස් බැංකුවක් හා සිදුකළ වංචනීක ගනුදෙනු සම්බන්ධ නඩුව නැවත කැඳවන ලෙස කර තිබු අධිකරණ නියෝගය නොතකා හැරීම හේතුවෙනි.
ඉදිරි මාස 6 ඇතුළත එම නඩුව කැඳවිම සිදුනොකළහොත් අගමැතිධූරය අහිමි කරන බව එරට අධිකරණය නියෝග කර ඇති බව විදේස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි.