සයුරෙන් එතෙර

වහා මැතිවරණයක් ඉල්ලූ හිටපු ජනපතිගේ ඉල්ලීම ඉවතට

February 11, 2012   09:13 am

මාලදිවයිනේ හිටපු ජනාධිපති මෙහොමඩ් නෂීඩ් වහාම මැතිවරණයක් තබන ලෙස කළ ඉල්ලීම එරට වත්මන් ජනාධිපති මොහොමඩ් වහීඩ් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් වර්තමානයේ රට තුළ නොවන බව වත්මන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් කලින් තීරණය කර තිබූ පරිදි ජනාධිපතිවරණයක් 2013 වසර අවසන් වීමට ප්‍රථම පැවැත්වීමට කටයුතු කරන බව හෙතෙම ප්‍රකාශ කර තිබේ.

රට තුළ සාමකාමී වාතාවරණයක් ගොඩනැගීම වර්තමානයේ පවතින ප්‍රධානම අභියෝගය බව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් වහීඩ් පවසයි.