සුනිල් ලියනගේ රිචඩ් පීරිස් අධ්‍යක්ෂ මණ්ඩලයට
February 10, 2012 03:32 pm
වසර 80 ක ප්‍රෞඩ ඉතිහාසයක්, අනුබද්ධිත සමාගම් 42 ක් හා 30,000 ට අධික ශ‍්‍රම බලකායක් හිමි ව්‍යාපාරික විවිධාංගීකරණයට පත් රිචඩ් පීරිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සුනිල් ලියනගේ මහතා පත්කර ඇත. රිචඩ් පීරිස් සමාගම සිය අභිමානවත් 80 වන සංවත්සරය සමරන මෙම වසරේදී සුනිල් ලියනගේ මහතා ප‍්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීම සමාගම තවත් ශක්තිමත් වීමක් බව මෙම නව පත්වීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ සමාගම් ප‍්‍රකාශකයෙකු පැවසුවේය.
1974 දී තත්ත්ව පාලකයෙකු ලෙසින් රිචඩ් පීරිස් සමාගමට එක් වූ ලියනගේ මහතා ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරික විවිධාංගීකරණයෙන් යුත් සාර්ථක සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීම යම් සේවකයෙකු ලැබිය හැකි ඉහළම සාර්ථකත්වයකි. කදිම ව්‍යාපාරික දැක්මක් හිමි ඔහුට ශී‍්‍ර ලාංකේය වෙළඳපොළට පොලිමර් අංශයෙන් නව්‍ය නිෂ්පාදන රැසක්ම එක්කිරීමට මෙහෙයවූවෙකු වන අතර පොලියුරේතෙන් ඇසුරෙන් ෆෝම් මෙට්ට, කුෂන් හා ෂීට් මෙරටට හඳුන්වාදීමේ ගෞරවය ද හිමි වේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සුනිල් ලියනගේ මහතා විදෙස් රටවල තෘතියික අධ්‍යාපනය ලැබීමෙන් පොලිමර් තාක්ෂණය පිලිබඳව ඩිප්ලෝමාවක් (සිංගප්පූරුව) හා ලන්ඩනයේ ප්ලාස්ටික් ආයතනයෙන් ඩිප්ලෝමා ලැබූවෙකි. එමෙන්ම රබර් හා ප්ලාස්ටික් ක්ෂේත‍්‍රයේ වසර 35 ක පළපුරුද්දක් හිමි වුවෙකි.
වර්තමානයේ දී ඔහු රිචඩ් පීරිස් සමාගමේ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර රිචඩ් පීරිස් ඩිස්ටි‍්‍රබියුටර්ස් සමාගම හා රිචඞ් පීරිස් එක්ස්පෝර්ට් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ද වේ.
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) හා ශී‍්‍ර ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) හිටපු සභාපතිවරයෙකු වන සුනිල් ලියනගේ මහතා ශී‍්‍ර ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ සම්මාන සාමාජිකයෙකු ද වේ.
එයට අමතරව, වසර 1999/2000 දී ජාත්‍යන්තර සිංහ සමාජය, දිස්ති‍්‍රක්ක 306 A දිස්ති‍්‍රක්කයේ සිංහාධිපති තනතුර දැරූ ඔහු වර්තමානයේදී ද එම සමාජයේ කි‍්‍රයාකාරී සාමාජිකයෙකි. ඔහු සිංහ සමාජ ජාත්‍යන්තරයේ මෙල්වින් ජොන්ස් සම්මානලාභියෙකි.