ලංකෙම් රොබියලැක් ශාන්ත තෝමස් විද්‍යාලයේ ක‍්‍රිකට් වර්ණවත් කරයි

February 9, 2012   11:25 am

ඡයාරූප සටහන - වීරසිංහ මහතා විද්‍යාලාධිපති මහාචාර්ය ඉන්ද්‍රා ද සොයිසා මහතාට පුහුණුවීම් ටී ෂර්ට් එකක් සංකේතවත්ව බාර දෙයි. මෙම අවස්ථාවට සහභාගිවූ සෙසු අය (වමේ සිට දකුණට) රංජන් ලියනගේ මහතා (සහකාර සාමාන්‍යාධිකාරි- වෙළඳ හා බෙදාහැරීම් -පේන්ට්ස් - ලංකෙම්) ජේ. බී පීරිස් මහතා (ක‍්‍රීඩා නායක)මදුෂාන් රවි චන්ද්‍රකුමාර්ල සචින් පීරිස් (නායක) උමේෂ් ප‍්‍රනාන්දු (උප නායක) සහ ලක්මාල් ද සොයිසා මහතා (පුහුණුකරු)



ලංකෙම් සිලෝන් පීඑල්සී සහ ලංකෙම් රොබියලැක් සමාගම් ශාන්ත තෝමස් විද්‍යාලයේ 1St xi ක‍්‍රිකට් කණ්ඩාමට ඇඳුම් ප්‍රදානය කරමින් දෙවන වසරටත් අනුග‍්‍රාහකත්වය දක්වයි. ඇඳුම් නිල වශයෙන් බෙදාදීම නොබෝදා විද්‍යාලීය සභා ශාලාවේදී සිදු කෙරිණි.

එම අවස්ථාවේ අදහස් දක්වමින් ලංකෙම් සිලෝන් පී එල් සී අධ්‍යක්‍ෂ රුවන් ටී. වීරසිංහ මහතා ”ශාන්ත තෝමස් විද්‍යාලයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව දිගුකාලීන විචිත‍්‍රවත් ඉතිහාසයක් සහ අභිමානවත් උරුමයක් ඇත. මේ වසරේදීත් මෙම ක‍්‍රිකට් කණ්ඩාමට ඇඳුම් ලබාදීමේ අනුග‍්‍රාහකයාවීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. මේ ක‍්‍රිකට් කණ්ඩායම මහත් උද්යෝගයෙන් සහ මනා ක්‍රීඩා කෞශල්‍යයෙන් පිරිපුන් නිසා විශිෂ්ට තරඟ මාලාවක් නැරඹීමේ අභිලාෂයෙන් අපි පසුවෙමු.” යැයි සඳහන් කළේ ය.

ශාන්ත තොමස් විද්‍යාලයේ 1St xi ක‍්‍රිකට් කණ්ඩාමට නැවත වරක් ඇඳුම් ලබා දීමට ලංකෙම් රොබියලැක් පෙන්ට්ස් අනුග‍්‍රාහකත්වය දැක්වීම ගැන අපි අතිශයින් සතුටට පත් වෙමු. ඉදිරි අනාගතයේ දී දිගු කලක් මේකී ඵලදායි සහභාගිත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”විද්‍යාලාධිපති මහාචාර්ය ඉන්ද්‍රා ද සොයිසා මහතා සිය කතාවේදී පැවසීය.