ආපිකෝ සුපර්සෙන්ටර්ස් වෙතින් Stamp & Win

February 6, 2012   11:55 am

පාරිභෝගිකයින්ට අවශ්‍ය සියලූම දේ එකම වහලක් යටින් මිලදීගතහැකි ශී‍්‍ර ලංකාවේ එකම හා විශාලතම සුපිරිවෙළඳසැල් දාමයවන, ආපිකෝ සුපර්සෙන්ටර්ස් මෙම වසරේ ප‍්‍රථම ප‍්‍රවර්ධන වැඩසටහන ලෙසින් Stamp & Win නමින් නව්‍ය තේමාවක් සහිත පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ.

වසර පුරාම නිරන්තරයෙන්ම විවිධ හා නව්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන් හඳුන්වාදෙන ආපිකෝ සුපර්සෙන්ටර්ස් මෙවර හඳුන්වා දුන් Stamp & Win ප‍්‍රවර්ධන වැඩසටහන ශී‍්‍ර ලංකාවේ පාරිභෝගිකයන්ට අලූත් අත්දැකීමක් වන අතර එය ලබන මාර්තු 04 දක්වා පැවැත්වේ. එය ට එක්වීමට පාරිභෝගිකයන් කළ යුත්තේ, නම් කළ භාණ්ඩ 5ක් අතුරෙන් එකක් සමඟ රුපියල් 2500කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදීගැනීමක් සිදුකිරීම පමණි.

එම මිලදී ගැනීමේ දී කාඞ්පතක් පිරිනැමෙන අතර, මුදල් අයකැමි විසින් එහි මුද්‍රා තැබීමක් ද සිදුකෙරේ. නම් කළ භාණ්ඩයක් සමග සිව්වරක් මිලදී ගැනීම් සිදු කළ විටදී පාරිභෝගිකයන්ට ආපිකෝ සුපර්සෙන්ටර්ස් වෙතින් රුපියල් 250ක් වටිනා තෑගි වවුචරයක් පිරි නැමේ. ඒ අනුව මිලදීගැනීම් මගින් එම කාඩ්පතේ මුද්‍රා තැබීම් සම්පූර්ණ කරගන්නා පාරිභෝගිකයන්ට රුපියල් 1000ක් වටිනා ආපිකෝ තෑගි වවුචර හා මහා තරගයට එක්වීමේ කූපනයක් හිමි වේ.

Stamp & Win මහා තරගයෙන් පාරිභෝගිකයන්ට ප‍්‍රයෝජනවත් ඉලෙක්ට්‍රෝනික උපකරණවන, LED රූපවාහිනි යන්ත‍්‍ර, iPod, Home Theatre System, බ්ලූ රේස් DVD ධාවන යන්ත‍්‍ර හා ජංගම දුරකතන පිරිනැමේ.

"පාරිභෝගිකයන්ට වැඩි ප‍්‍රතිලාභ ලබාදෙන අලූත් තාලේ පාරිභෝගික වැඩසටහන් ඉදිරිපත් කරන සුපිරිවෙළඳසැල් දාමය සේ මෙරට කවුරුත් පිළිගන්නේ ආපිකෝ සුපර්සෙන්ටර්ස් පමණි. එයට හේතුව වසරේ සැමදාම පාහේ අරුත්බර හා ප‍්‍රයෝජනවත් ප‍්‍රවර්ධන වැඩසටහන් අප විසින් ඉදිරිපත්කිරීමයි. මෙවර අප ඉදිරිපත් කළ Stamp & Win ප‍්‍රවර්ධන වැඩසටහන ද වෙනසක් ඇති වැඩසටහනක්වන්නේ අවස්ථා කිහිපයක දි සිදුකෙරෙන මිලදී ගැනිම්වලින් මෙවර තෑගි තේමාව වන ඉලෙක්ට්‍රෝනික භාණ්ඩවලට සමීප විය හැකි වීමයි. ආපිකෝ සුපර්සෙන්ටර්ස් මෙරට ජනතාවගේ ජීවන රටා වෙනස්කරන තැනක් බවට පත්වී හමාරය. එහෙයින් මෙම අසමසම සේවාවන් හා ලෙන්ගතුකම දිවයින පුරාම පාරිභෝගිකයන්ට ලබාගත හැකිවන ලෙසින් ප‍්‍රධාන නගරවල ඉදිරි මාස කිහිපයේදී තවත් සුපර්සෙන්ටර්ස් කිහිපයක්ම ඇරඹීමට නියමිතය.

එසේ අප අලූතෙන් සුපර්සෙන්ටර් විවෘත කරන සෑම ප‍්‍රදේශයකම පදිංචිකරුවන්ගේ ජීවන රටාවෙහි කැපීපෙනෙන වර්ධනයක් ඇතිවීම, නව සැපයුම්කරුවන් ජාලයක් බිහිවීම මෙන්ම තරුණ තරුණියන්ට රැකියා හිමිවීමත් සමාගමක් ලෙසින් අප බොහෝ සතුටට පත්වන්නක්" යැයි රිචඞ් පීරිස් ඩිස්ටි‍්‍රබියුටර්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, ඇන්ඩෘ ඩැල්බි මහතා පැවසීය.

ශි‍්‍ර ලංකාවේ විශාලතම හා එකම පරිසර හිතකාමී සුපිරි වෙළඳසැළ ලෙසින් ආපිකෝ සුපර්සෙන්ටර් වෙළඳසැළක් වත්තල නගරයේ ඇරඹූ රිචඞ් පීරිස් ඩිස්ට‍්‍රබියුටර්ස් සමාගම, තවත් ආපිකෝ සුපර්සෙන්ටර්ස් 14කට හිමිකම් කියන අතර, අලූත්ම සුපර්සෙන්ටර්ස් ශාඛා විවෘත කෙරුනේ, කළුතර හා කොච්චිකඩේ යන නගරවලය. ආපිකෝ සුපර්සෙන්ටර්ස් හී මීළඟ වෙළඳසැළ පිළියන්දල නගරයේ විවෘත කෙරේ.