කොමර්ෂල් ක්‍රෙඩිට් වෙතින් -අත්පුඩි

February 2, 2012   12:06 pm

ඡායාරූපය; ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති බී.ඞී.ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා උත්සවයට පැමිණෙයි. කොමර්ෂල් ක්‍රෙඩිට් ප‍්‍රධාන විධායක නිලධාරි රොෂාන් එගොඩගේ මහතා ද ක‍්‍රියාකාරි අධ්‍යක්‍ෂිකා ගෙයා එගොඩගේ මහත්මිය ද ඡායාරූපයේ සිටිති.



ශ‍්‍රී ලාංකීය මූල්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කළ කොමර්ෂල් ක්‍රෙඩිට් තම සේවාදායකයින්ට පසුගියදා"අත්පුඩි"නමින් තවත් නැවුම් අත්දැකීමක් ලබාදීමට සමත්විය. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා විසිරී සිටින තම සේවාදායකයින් 90,000 ක් අතුරින් ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ වඩාත් කාර්යක්‍ෂම මූල්‍ය භාවිතයක යෙදී සිටින 5000 ක පිරිසක් අවිස්සාවේල්ලේ කළුඅග්ගල ලෙෂර් වර්ල්ඞ් සතුටු පාරාදීසයට කැඳවා තිබුණි.

සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන්ම ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් ඉපිල යමින් සතුටු සිනා නංවමින් තම අභිලාෂයන් අනුව සතුට බෙදා ගත්හ. භාෂා, සංස්කෘතික සහ භූගෝලීය සීමාවන් ගෙන් මිදී ගත කළ එම කාලය තුළ එකි නෙකා හඳුනා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබුණි. මනුදමින් පිරි කොමර්ෂල් ක්‍රෙඩිට් සමග අත්වැල් බැඳගනිමින් එහි ආධාර ඇතිව ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයට පිවිසීමට භාග්‍ය ලැබීම ගැන ඔව්හු කෘතඥතාව පළ කළහ. ඔව්හු කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍ර"අත්පුඩි"මගින් තම ජීවිතවලට තවත් සුවිශේෂි දිනයක් එක් කර ගත්හ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති බී.ඞී.ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා,කොමර්ෂල් ක්‍රෙඩිට් ප‍්‍රධාන විධායක නිලධාරි රොෂාන් එගොඩගේ මහතා සහ ක‍්‍රියාකාරි අධ්‍යක්‍ෂිකා ගෙයා එගොඩගේ මහත්මිය ඇතුළු එහි නිලධාරීහු ද සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.