දැයට කිරුළට සන්නිවේදන තාක්ෂණ ක්‍රියාකාරකම්
January 31, 2012 12:59 pm
ජනතාවගේ දෛනික කටයුතු පහසුකර ගැනීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදාගෙන තිබෙන ආකාරය දැක්වෙන ක්‍රියාකාරකම් රැසක් මෙවර දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය සදහා එක් කර තිබෙන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතන ප්‍රදර්ශන කුටියේදී එම ක්‍රියාකාරකම් සජීවීව දැක ගැනීමේ පහසුකම් ජනතාවට උදා වී තිබේ.
එහිදී පරිගණක ආශ්‍රිතව උප්පැන්න විවාහ සහ මරණ සහතික පත් නිකුත් කිරීම , ඉ- වෛද්‍ය සේවා , ලංකා ගෙවුම් බිහිදොර, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇතුළු තවත් සේවාවන් රැසක් පිළිබදව සජීවී අත්දැකීමක් ජනතාවට ලබා ගත හැකි වේ.
තවද තොරතුරු තාක්‍ෂණය ආශ්‍රිත වෘත්තීය අවස්ථා පිලිබදව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ 2ක් පෙබරවාරි මස 9 සහ 10 යන දිනයන්හි නියෝජිතායතන ප්‍රදර්ශන කුටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව උතුරු මැද පළාත් රෝහල් සදහා ඉ- සෞඛ්‍යය ව්‍යාපෘතිය ආරම්භ කිරීම 6දා පෙරවරු 9.00 ට තඹුත්තේගම මුලික රෝහලේදී ද , උතුරු මැද පළාත් රාජ්‍ය සේවක පරිගණක පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම 6දා පෙරවරු 10.30ට සහ අනුරාධපුරයේදී ද බහුකාර්යය නැණසල මධ්‍යස්ථානය විවෘත කිරීම අනුරාධපුර අභිමන්සල සුව සහන නිකේතනයේදී එදින පෙරවරු 11.30 සිදු කෙරෙන බවද නියෝජිතායතනය වැඩිදුරටත් සඳහන් කරයි.