LBCH වෙතින් AIDS පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් අරඹයි
January 31, 2012 12:39 pm
ඡායාරූපය : HIV හා AIDS පිළිබඳ දැනුවත් කිරීමේ 2012 වැඩසටහනේ පණිවුඩය සහිත රතු කොට්ටය, LBCH සංවිධානයේ සභාපති ආචාර්ය කිෂු ගෝමස් මහතා විසින් ස්ටැන්ඩඞ් චාටඞ් බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි අනිර්වාන් ගෝෂ් දස්තිදාර් මහතාට පිරිනමන අවස්ථාව. සෙසු පිරිස වමේ සිට දකුණට ෂාමිනී මෙන්ඩිස් මිය(සම්බන්ධිකාරක- LBCH සංවිධානය, නිමල් ගුණවර්ධන මයා( සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී- - Bates Strategic Alliance) ස්ටීවන් ග‍්‍රාන්ට් මයා( ප‍්‍රධාන විධායක නිලධාරි-AIDS පිළිබඳ ආසියානු පැසිෆික් ව්‍යාපාර සංවිධානය)සහ වෛද්‍ය ගීතානි සමරවීර මිය(සහකාර සමාජ රෝග විශේෂඥ-ලිංගාශි‍්‍රත රෝග හා AIDS මර්දන ජාතික වැඩසටහන)
HIV හා AIDS පිළිබඳ ලංකා ව්‍යාපාර සන්ධානය (LBCH)විසින් මේ වසරේ HIV හා AIDS පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරයි. මෙවර විශේෂත්වය වන්නේ මෙම සංවිධානයේ මව් ශාඛාව වන AIDS පිළිබඳ ආසියානු පැසිෆික් ව්‍යාපාර සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරි ස්ටීවන් ග‍්‍රාන්ට් මහතාද සහභාගීවීමයි. වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම සංකේතවත් කරමින්"ඔබත් තව කෙනෙකුට දෙන්න HIV නොවේ, ඒ ගැන දැනුවත් බව"යන පණිවුඩය සහිත රතු කොට්ටය, LBCH සංවිධානයේ සභාපති ආචාර්ය කිෂු ගෝමස් මහතා විසින් ස්ටැන්ඩඞ් චාටඞ් බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි අනිර්වාන් ගෝෂ් දස්තිදාර් මහතාට පිරිනමන ලදී.
60 කට අධික සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින LBCH සංවිධානයේ, ස්ටැන්ඩඞ් චාටඞ් බැංකුව සමාරම්භක සාමාජිකත්වය උසුලයි. ස්ටැන්ඩඞ් චාටඞ් බැංකුවේ සේවක මණ්ඩලය අතර මෙම රෝගය ගැන දැනුවත් කිරීමේ විශේෂ පුහුණුව ලත් සේවකයෝ සිටිති. ඔවුන් විසින් ව්‍යාපාරික ප‍්‍රජාව හා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිටින පාසල් සිසු සිසුවියන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ජනතාව මෙම රෝගය ගැන දැනුවත් කරනු ඇත.
වැඩබිමට සහ ප‍්‍රජාවට එල්ල වන HIV හා AIDS තර්ජන දුරලීම සඳහා ව්‍යාපාරික ප‍්‍රජාවේ කැපවීම වැඩි කිරීම LBCH සංවිධානයේ අරමුණ වේ. ව්‍යාපාරික ප‍්‍රජාව සතු සම්පත් සහ දැනුම උපයෝගි කරගෙන මෙම වසංගතය පිළිබඳ ප‍්‍රතිපත්ති සහ දැනුවත් කිරීම් නිසි අයුරින් සම්බන්ධීකරණය කරයි. මෙම රෝගය පිළිබඳ නිසි ප‍්‍රතිපත්තියක් සිය සාමාජික ආයතන තුළ පිහිටුවීමට LBCH සංවිධානය කටයුතු කරයි. වෘත්තීය පුහුණුකරුවන් යොදාගෙන මෙම රෝගය ගැන සාමාජික ආයතන තුළ නොමිලේ පුහුණු වැඩසටහන් පැවැත්වීමද සිදුකරයි.
මෙම වසංගත රෝගයෙන් ජාතික ශ‍්‍රමබලකායට ඇති තර්ජනය පිළිබඳව පැහැදිලි කළ LBCH සංවිධානයේ සභාපති ආචාර්ය කිෂු ගෝමස් මහතා අවධාරණය කරනු ලැබුවේ "අපේ වටිනාම සම්පත වන ජාතික ශ‍්‍රමබලකායට පුද්ගලයන් මිලියන 8ක් පමණ සිටිනවා. ව්‍යාපාරික නායකයින් ලෙස HIV හා AIDS වසංගතය ගැන නිසිලෙස අවබෝධ කරගෙන එය පාලනය කිරීමට කල්වේලා ඇතිව විසඳුම් ඉදිරිපත් කිරිම අපේ යුතුකම වනවා. ලංකාවේ මෙම රෝගය පැතිරයාම දැනට අවම මට්ටමක පැවතියත්, සංවර්ධනය වෙමින් පවතින රටක් නිසා සංචාරක කර්මාන්තය, විදේශ රැකියා හා වෙළඳාම සඳහා විදේශ රටවලට සංචාරය කිරීම නිසා මෙම වසංගතය අපේ ශ‍්‍රමබලකාය අතර පැතිරීමේ අවදානමක් පවතිනවා. ව්‍යාපාරික නායකයින් ලෙස අපේ වගකීම ප‍්‍රජාව මෙම රෝගයෙන් ආරක්‍ෂා කිරීමයි."යන්නයි.
වැඩබිමේ මෙම වසංගතය ගැන දැනුවත් කිරීම හා අවධානය යොමු කිරීම සඳහා කලාපයේ සාමාජික ආයතන සමග AIDS පිළිබඳ ආසියානු පැසිෆික් ව්‍යාපාර සංවිධානය කටයුතු කරන අන්දම ස්ටීවන් ග‍්‍රාන්ට් මහතා මෙහිදි විස්තර කළේය.ලිංගාශි‍්‍රත රෝග හා AIDS මර්දන ජාතික වැඩසටහනේ සහකාර සමාජ රෝග විශේෂඥ වෛද්‍ය ගීතානි සමරවීර මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වෙමින් මෙරට HIV හා AIDS තත්ත්වය පිළිබඳව පැහැදිලි කළාය.
සංඛ්‍යා ලේඛන අනුව ලොව, HIV ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම ශ‍්‍රමබලකායට අයත් වේ. මෙම තත්ත්වයට කඩිනමින් විසදුම් ලබානොදුන හොත්, එය වැඩබිම්වල ඵලදායිතාවට බලපැමක් වනු ඇත. ලංකාවේ තත්ත්වයද වර්ධනය වෙමින් පවතින අතර සෑම සතියකම HIV ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනෙයි. LBCH සංවිධානයේ මෙවර දැනුවත් කිරිමේ සංකල්පය නිර්මාණ කරනු ලැබුවේ ප‍්‍රමුඛ ප‍්‍රචාරක ආයතනයක් වන Bates Strategic Alliance වන අතර වැඩසටහනේ ප‍්‍රචාරක කටයුතුවලටද එම ආයතනය දායක වෙයි.