HUTCH නත්තල් සහ ක්ලැරන්ස් ගී Downlod කිරීමේ තරගයේ ජයග‍්‍රාහකයෝ

January 28, 2012   08:43 am

Hutch ආයතනය සහ ඉවෝක් ඉන්ටර්නැෂනල් පෞද්ගලික ආයතනය එක්ව ක්ලැරන්ස් සංයුක්ත තැටිය නිකුත් කිරීමේ උත්සවයට සමගාමීව ක‍්‍රියාත්මක කළ ක්ලැරන්ස් ගීත Downlod කිරීමේ තරගයේ ජයග‍්‍රාහකයාට ත්‍යාග ප‍්‍රදානය කිරීම පසුගියදා HUTCH කාර්යාලයේදී සිදුකෙරුණි. මෙම තරගාවලියේ ජයග‍්‍රාහකයා වශයෙන් තේරී පත්වුණේ HUTCH පාරිභෝගිකයෙකු වන ගයාන් තරංග මහතාය.

ඔහු ප‍්‍රථම ත්‍යාගය වශයෙන් හිමිකරගනු ලැබුවේ අඟල් 36 36 LCD රූපවාහිනී යන්ත‍්‍රයකි. එමෙන්ම HUTCH ආයතනයේ මෙහෙයවීමෙන් නත්තල් උත්සවය වෙනුවෙන් පවත්වන ලද නත්තල් ගීත Downlod තරගයේ ජයග‍්‍රාහකයින්ටද ත්‍යාග ප‍්‍රදානය කිරීම එදිනම සිදුකෙරිණි.

නත්තල් උත්සවය නිමිත්තෙන් පසුගිය නොවැම්බර් 6 වන දින ආරම්භවී මේ වසරේ ජනවාරි මස 6 වනදා දක්වා පැවති නත්තල් ගීත Downlod කිරීමේ තරගයට HUTCH පාරිභෝගිකයන් 20, 000 ට ආසන්න පිරිසක් සහභාගී වූහ. ඒ අතුරෙන් නත්තල් ගීත Downlod කළ HUTCH පාරිභෝගිකයන් 20 දෙනෙකු විසින් ත්‍යාග හිමිකරගන්නා ලදි .

මීට අමතරව HUTCH VOICE PORTAL තුළින් මෙම තරගය පැවත්වුණු කාල වකවානුව තුළ පැය 5 ක් නොමිලේ නත්තල් ගීතවලට සවන්දීමට HUTCH පාරිභෝගිකයින්ට අවස්ථාව උදාකරදී තිබුණි.