අඟුලාන ද්විත්ව පුද්ගල ඝාතකයෙක් නිදහස ඉල්ලයි
September 8, 2011 07:58 am
අඟුලාන ද්විත්ව පුද්ගල ඝාතන සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවෙකු තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
නඩුවේ පළමුවන විත්තිකරු විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්වේ.
වග උත්තරකරු ලෙස නීතීපතිවරයා නම් කර ඇති අතර විත්තිකරු කියා සිටින්නේ මරණීය දණ්ඩනය නියම කිරීමට ප්‍රථම තමා විසින් ඉදිරිපත් කළ කරුණු අධිකරණය මඟින් නිසි පරිදි සැලකිල්ලට භාජනය කර නොමැති බවයි.
එම නිසා තමන්ට අසාධාරණයක් වූ බව විත්තිකරු අධිකරණයට කරුණු දකිවමින් කියා සිටියි.
එබැවින් තමන්ව සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.