ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් මරුට

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් මරුට

January 24, 2023   10:04 am

පූනරින් පොලිස් වසමේ මන්නාරම - යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාර්ගය හරහා ගමන් කළ දරුවා ගිලන්රථයක ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබු දරුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ගිලන්රථ රියදුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, පූනරීන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.