යතුරුපැදියට ඉඩ දුන් ලොරිය ඩෙවෝන් ඇළට පෙරළෙයි

යතුරුපැදියට ඉඩ දුන් ලොරිය ඩෙවෝන් ඇළට පෙරළෙයි

January 23, 2023   10:23 am

යතුරුපැදියකට ඉඩ ලබාදීමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට කඩාගෙන දිඹුල පතන ඩෙවෝන ඇළට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, අනතුරින් ලොරියේ රියදුරා සහ රිය සහායක බරපතළ තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවය.

පසුව තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහලට මාරු කර යවා තිබේ.

ඊයේ (22) පස්වරු 04 පමණ එම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොටගල යදන් සයිඩ් වතු යායට පිවිසෙන මාර්ගයේ පිහිටි පාලම අසල දීය.

යදන් සයිඩ් වතුයායේ සිට කොටගල නගරය දක්වා ධාවනය වු ලොරි රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු යතුරු පැදියකට පාලම මත දී ඉඩ ලබාදීමට යාමේදී ලොරි රථය පාලමේ ආර්ක්ෂිත වැටද කඩා ගෙන අඩි 20ක් පමණ පහළින් වු ඩෙවෝන් දිය ඇල්ලේ ජලය ගලා බසින ඩෙවොන් ඇළට පෙරළී ඇත‍.

ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ ලොර රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් ලොරියේ පසුපස ගමන් ගත් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වී නොමැත.