ලොස් ඇන්ජලීස් ආසන්නයේ වෙඩිතැබීමක්

ලොස් ඇන්ජලීස් ආසන්නයේ වෙඩිතැබීමක්

January 22, 2023   05:02 pm

අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගරය ආසන්යේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක් තුළදී සිදුකළ වෙඩි තැබීමකින් 09 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ කැලිෆෝනියානු නගරයක් වන මොන්ටෙරේ පාක් නම් ප්‍රදේශයේ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.

අද (22) උදෑසන සිදු වූ එම වෙඩි තැබීමෙන් තුවාල වූ සංඛ්‍යාව පිළිබඳ වාර්තා වී නොමැත.

පිරිමි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකළ බව පොලීසි පැවසීය.