ශ්‍රී ලංකාවට ලකුණු 295ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 295ක ඉලක්කයක්

November 25, 2022   06:12 pm

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරගය අද (25) පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී මුළු ලකුණු 294ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිමිවී ඇති ඉලක්කය ලකුණු 295කි.