මෙරට කතුන් ඕමානයට යැවීමේ ජාවාරමේ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙරට කතුන් ඕමානයට යැවීමේ ජාවාරමේ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

November 24, 2022   09:31 pm

රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් අතරමං කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද (24) දින අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 47 හැවිරිදි මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සැකකරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම සිද්ධියට අදාළව මීට පෙරද සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කටයුතු කළේය.